


මෙන්න මේ දේ කරන්න ඕනි වෙන්නෙ බොහොම සරල ඇටවුමක්. ඉස්සර කඩවල් වල මදුරු නාශක ස්ප්‍රේ කරන බයිසිකල් පොම්ප වගේ ජාතියක් තිබ්බ. වාහනේක කාබ් එක ගලවල අයින් කරල මැනිෆෝල්ඩ් කටට අන්න ඒ ස්ප්‍රේ මැෂිමක් තියල, ඒ මැෂිමට පෙට්‍රල් පුරෝල ස්ප්‍රේ කරන ගමන් එන්ජිම ස්ටාට් කලොත් ස්ටාට් වෙනව. හැබැයි එක ප්‍රශ්නයක් තියනව. කලින් චේදෙ කොමා ඇතුලෙ තියන "ඕනම වෙලාවක" කියන එක තමයි අන්න ඒ ප්‍රශ්නෙ. අන්න ඒ වචන දෙක තමයි බෙලෙක් කෑලි වලින් අටවපු රුපියල් සියගානකට ගන්න පුළුවන් සරල උපකරණෙ, රුපියල් දාස්ගානක් වටින වාහනේක තියන සංකීර්ණම උපකරණයක් බවට පත්කරන්නෙ.

පහල තියන වගුවේ තියෙන්නෙ එන්ජිමේ එක එක අවස්ථා වලදි කාබ්‍යුරේටර් එකේ සක්‍රීය වෙන ඉන්ධන පරිපථ. උදාහරණයක් විදිහට Part Throttle, එහෙමත් නැත්නම් ඇක්සලරේටරේ තරමක් පාගන වෙලාවට ඉන්ධන සපයන්නෙ Idle Circuit + Transfer Circuit + Main Circuit කියන තුනම එකතුවෙලා. මීට අමතරව එන්ජිමට බර වැටෙන වෙලාවට අමතර ඉන්ධන Power Valve එකෙන් ලබා දෙනව. ඇක්සලරේටරේ එක පාරටම පෑගුවොත් තවත් අමතර ඉන්ධන Accelerator Pump එක මගින් සපයනව.
Throttle Opening | Engine State | Engine Load | Hard Acceleration | |||
0 – 10% | Idle | Idle Circuit | Accelerator Pump | |||
10 – 25% | Fast Idle | Idle Circuit | Transfer Circuit | Power Valve | Accelerator Pump | |
25 – 75% | Part Throttle | Idle Circuit | Transfer Circuit | Main Circuit | Power Valve | Accelerator Pump |
75 – 100% | Power | Idle Circuit | Transfer Circuit | Main Circuit | Power Valve | Accelerator Pump |
මීට අමතරව චෝක් පද්ධතිය, Idle cut-off, Idle up, Fast idle settings වගේම Vacuum advance, PCV, EGR EVAP පද්ධතිත් අයිති වෙන්නෙ කාබ් එක සහ ඉන්ටේක් සිස්ටම් එකට. අපි ඉදිරි ලිපියකින් මේව ගැන වැඩි විස්තර කතාකරමු.
පින්තුර අන්තර්ජාලයෙන්