
කරන්න දෙයක් නෑ. කෝල් කරනව ගයාන්ට. එයා ඕව ගැන දන්නව. ගයාන් එයාගෙ වාහනේ බැටරිය ගෙනත් අමල්ගෙ වාහනේ ස්ටාට් කරගෙන දෙන්නත් එක්ක CarCorp එක පැත්තට එනව. එනගමන් අමල්ගෙ බැටරිය ආපහු චාජ් එකට දාල එන්නත් ගයාන් අමතක කලේ නැහැ. සම්පූර්ණයෙන් බැහැපු බැටරියක් එහෙම තියෙන්න තියෙන්න ඒකෙ ආයුකාලය සැහෙන්න අඩුවෙනව කියල CarCorp එකෙන් ගයාන්ව දැනුවත් කරලයි තිබුනෙ.
රෝග ලක්ෂණ වල හැටියට අමල්ගෙ ඕල්ටනේටර් එක වැඩ නෑ වගේ. ඒත් එහෙමනම් ඒක ඉන්ඩිකේට් කරන්න එපාය. අපි යතුර ඔන් කරල බැලුව. ඉන්ඩිකෙටර් ලයිට් එක පත්තුවෙන්නේ නෑ. බල්බ් එක පිච්චිලා. අපිට තේරුනා වෙලා තියන දේ. වාහනේක ඕල්ටනේටර් එක වැඩකරන්න බැටරිය අත්‍යවශයි. ඉස්සර කාලෙ ආපු ඩයිනමෝ තිබුණු වාහන බැටරිය නැතත් තල්ලු කරල ස්ටාට් කරන්න පුළුවන්. ඒත් ඕල්ටනේටර් තියන වාහන එහෙම බෑ. තරමකවත් චාජ් එකක් තියන බැටරියක් තියෙන්නම ඕනි තල්ලු ස්ටාට් කරන්නත්. මේකට හේතුව ඕල්ටනේටර් එකට තමන්ටම විදුලිය නිපදවන්න බැරිවීම. එයාට පලවෙනි විදුලිය ප්‍රමාණය අපි දෙන්න ඕනි. ඊට පස්සෙ එයා ඒ විදුලිය පාවිච්චි කරල අලුතින් විදුලිය නිපදවනව. ස්ටාට් උනාට පස්සෙ අපිට ඕනිනම් පුළුවන් බැටරිය ගලවල දාන්න. (ඒත් ඒක එච්චර හොඳ දෙයක් නෙමේ.) ඒ අතින් ඔල්ටනේටරෙත් එක විදිහකට වාහනේ එන්ජිම වගේ. එයාටත් තනියම කරකැවෙන්න පටන්ගන්න බෑ. ස්ටාටර් මෝටරෙන් එයාව කරකවන්න ඕනි ස්ටාට්වෙන්න. ඊටපස්සෙ එයාට පුළුවන් මෝටරේ නැතුව දිගටම කරකැවෙන්න.

අමල්ගෙ වාහනේ ඕල්ටනේටර් එකට ප්‍රධාන වයර් දෙකක් එනව. එකක් බැටරියට විදුලිය සපයන මහත වයර් එකක්. අනිත් එක හීනි පොඩි වයර් එකක්. අර මහත වයර් එකෙන්ම තමයි ඕල්ටනේටර් එකට පණගන්වන්න ඕනි කරන මුලික විදුලිය ගන්නෙත්. එතකොට පොඩි වයර් එක තමයි ඉන්ඩිකෙටර් ලයිට් එකට සම්බන්ධ වෙන්නෙ. දැන් මහත වයර් එක හැමවෙලාවෙම බැටරියට සම්බන්ධ වෙලානෙ තියෙන්නෙ. එහෙමනම් වාහනේ එන්ජිම නැවතිලා තියෙද්දිත් ඕල්ටනේටරෙන් විදුලිය නිපදවන්න උත්සාහ කරන්න ඕනි. ඒත් එයාට විදුලිය නිපදවන්නනම් එන්ජිම කරකැවෙන්න ඕනි. එතකොට එන්ජිම නතරවෙලා තියෙද්දි එයා විදුලිය නිපදවන්න හැදුවොත් වෙන්නෙ අර කලින් කිව්ව විදිහට මුලික විදුලිය ලබාගන්න ගිහින් බැටරි බැහැලම යන එක. අපි වාහනේ ස්ටාට් වෙන්නෙ නැතුවම දිගටම ස්ටාට් කරන්න හැදුවත් ටික වෙලාවකින් බැටරිය බහිනවනෙ. අන්න ඒ වගේ.

අමල්ගෙ වාහනේ ඉන්ඩිකේටර් එක පිච්චුනාම වාහනේ ඔන් කලත් ඕල්ටනේටර් එක ඒක ගැන දැනුවත් වෙන්නෙ නෑ. එතකොට වාහනේ දුවද්දිත් බැටරිය චාජ් වෙන්නෙ නෑ. අන්තිමට බලද්දි ලෙඩේ තිබිල තියෙන්නෙ පුංචිම පුංචි බල්බ් එකක. සමහර වාහන හැබැයි වෙනස්. සමහර ඒවායේ ඔන් සිග්නල් එක වෙනමයි ඉන්ඩිකේටර් සිග්නල් එක වෙනමයි එනව. එතකොට බල්බ් එක පිච්චුනත් බැටරිය චාජ් වෙනව. ඒ ක්‍රමේ අමල්ගෙ ක්‍රමේට වඩා හොඳයි කියල හිතුනත් කවදහරි ඇත්තටම ඕල්ටනේටර් එකේ ලෙඩක් ආපු දවසට ඒක පෙන්නුම් කරන්නෙ නැති එක අවදානම්.

මේක ඇත්ත සිදුවීමක් උනත් නම් වෙනස් කලා. මේ ලිපියෙ අරමුණ තමයි වාහනේ චාජින් සිස්ටම් එක ගැන ඔයාලට පොඩි අවබෝධයක් ලබාදෙන එක. ඊට අමතරව වාහනේ ස්ටාට් කරද්දී කරන්න ඕනි හොඳ පුරුද්දකුත් මෙතන තියනව. ඒ වගේම කියන්න ඕනි එක එක වාහනවල චාජින් සිස්ටම් එකිනෙකට වෙනස් කියන එක. ඒක නිසා නිසි අවබෝධයක් නැතිව අලුත්වැඩියා කරන්න යන්න එපා.
අමල් හිතාගෙන ආවෙ ලොකු ගානක් යන කෑල්ලක් දාන්න වෙයි කියල. බොහොම සුළු මුදලක් වෙන බල්බ් එකක තමයි ලෙඩේ කියල දැනගත්තම එයාට සෑහෙන්න පුදුම වගේම සතුටුත් හිතෙන්න ඇති.
පින්තුර අන්තර්ජාලයෙන්.